0252263073

hello@bsmv.lk

Talawa Rd,

Kekirawa

07:30 - 13:30

Monday to Friday

නිර්මාතෘ ගැන

ශ්‍රිමත් ජි.ජි.බස්තියන් සිල්වා මහත්මා

දකුණු පලාතේ ගාල්ල ප්‍රදේශයේ සිට ගැල් වෙළදාමේ පැමිණි ජි.ජි.බස්තියන් සිල්වා මහත්මා පසු කාලීනව කැකිරාවේ පදිංචිව ඔහුගේ වෙළදාම සාර්ථක ලෙස මෙම ප්‍රදේශයෙදි සිදු කරන ලදි.

පසුව ඔහු විවාහ වී මෙම ප්‍රදේශයේම ජීවත් වුනි. ඔහු මිනිසුන්ට උදවු උපකාර කරමින් ප්‍රදේශයට මහත් වු සේවාවන් එකල සිදු කරන ලදි. එකල නගරබද කිතු සමය වාදීනට සිප්සතර හැදෑරීමේ අවකාෂ සැලසී තිබුනද රජරට හෙළ බොදු දරුවනට ඒ වාරය නොලැබුනි.

මේ අදුරු යුගයෙහි කිතුණු බැතිමතුන් මුල්කරගත් බැප්ටිස්ට් මිෂනාරි පාසලක් කැකිරා පුරවරයේ ආරම්භ කල අතර, බොදු දරුවනට එහිදී අපමන වෙනස්කම් සිදු වී ඇත.

තුන්කල් දැක්මෙන් ච්ත්ත සන්තාපයට පත් ගිහි පැවදි පබු දනන් මලව ඔරුගල්සැය රජමහා විහාරය ‍රැස්වී කතිකා කර තත් ව්පතින් දරුවන් මුදවා ධම්ම ශාස්ත්‍රාලෝකය ලබාදීමට ක්‍රි.ව. 1934 ක් වු නිකිණි මස සොලොස්වැනි දින (1934.08.16) ඔරුගල්සැය විහාරස්ථ ඉරිදා දින දහම් පාසල ආරම්භ කරන ලදි.

මේ සදහා පන්සල් ඉඩම පරිත්‍යාග කරන ලද්දේ මෙතුමන් විසිනි (බස්තියන් සිල්වා මහත්මා) ඔහු පන්සලේ දාන ශාලාවේ සහ විහාරස්ථ මන්දිරය සාදා ඉදිකරන ලදි. බුද්ධ ශාසනයට විශාල මෙහෙයක් සිදු කරන ලද මෙතුමා කැකිරාව නගරයේ මාතෘ නිවාසයක් ඉදි කරන ලදි එය පසු කාලීනව කැකිරාව රජයේ රෝහල නම් විය. ඉන් පසු ආරම්භ කරන ලද දහම් පාසල 1934/10/08 වන දින සිල්වා බෞද්ධ මිශ්‍ර පාඨශාලාව බවට පත් විය. මොහුගේ සේවාව නිසා අද දින සිසුන් 1100 දැනට ඉගෙනුම ලබන අතර සිසුන් දහස් ගණනක් සමාජයට හොද පුද්ගලයන් ලෙස දායාද වී ඇත. .