0252263073

hello@bsmv.lk

Talawa Rd,

Kekirawa

07:30 - 13:30

Monday to Friday

විදුහල්පති පණිවිඩය

වසර 86 ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මෙම පුණ්‍ය භුමිය විසින් විශාලා පරපුරක් ජාතියට දායාද කල ඇත .

අදිරාජ්‍යවාදී සමයේ සිට මේ දක්වා ගමන කටුක අමිහිරි විටෙක සුන්දර හා මිහිරි අත්දෑකීම් රාශියක් සමග ලබු පන්නරය හෙට දවස සාර්ථක කරගෑනීමට මහත් රුකුලකි. කැකිරාව අධ්‍යාපන කලාපයේ දීප්තිමත් අධ්‍යාපන නිකේතනයක් ලෙසත් ජනප්‍රිය පාසලක් ලෙසත් මෙම ද්වියිතික පාසල ජනසම්මානයට පාත්‍ර වී ඇත. භෞතික සම්පත් වලින් විශාල අඩුපාඩු සහිත නමුත් එම දුෂ්කරතා මැද ජාතියේ ජීවනාලිය හා දේශයේ පසු උරුමකරුවන්ගේ අනාගතය සදහා සන්නද්ධ කිරීමේ සත්කාර්‍ය් ශක්ති ප්‍රමානයෙන් කරගන යනු ලැබේ. කැකිරාව අධ්‍යාපන කලාපයටම සම්පත් මධ්‍යස්ථානය වන මෙම සත්කාරක පාසල තුලින් ජාතියට වැඩදායි පරපුරක් ජනිත කරමින් ඉදිරි වසර කීපය තුල කලාපීය අභිමානය බවට මෙම පාසල පත් කිරීම මාගේ සිහිනයයි.

දැනට පාසලේ පවතින තත්ව විමර්ශනය ලක් කිරිමෙදි දහසක් භෞතික සම්පත් අඩුපාඩු මධ්‍යයේ ජයග්‍රහන ‍රැසක් අත්කරගෙන තිබේ. එහෙත් භෞතික සම්පත් අඩුපාඩුව ශිෂ්‍ය සාධක මට්ට්ම් අඩු වීමට බෙහෙවින් බලපා ඇත.

  • විද්‍යාගාර
  • පරිඝනක
  • බහු මධ්‍ය උපකරන
  • දේශන ශාලාවක්
  • විදුලි බිල් ගෙවා ගැනීමට
  • ක්‍රීඩාගාරයක් නොමැති වීම
  • අංග සම්පූර්න ක්‍රීඩාංගනයක්
  • නර්තන උපකරන/ක්‍රීඩා උපකරන/සංගීත භාණ්ඩ
  • පාසල් පිරියත සකස් කිරීමේ අඩුපාඩු
  • ශිෂ්‍ය සුභ සාධක අවශ්‍යතා

හැදින්විය හැකිය
ඉහල ආදායම් ලබන දෙමාපියන් අඩු නිසා ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අඩු මට්ටමක පවතී. එම නිසා අත්වැලක් ලෙස ආදි ශිෂ්‍ය සංගමය ශක්තිමත් කිරිමට උත්සහ කරයි. ආදි ශිෂ්‍යයෙක් විදුහල්පති ලෙස කටයුතු කරන ප්‍රදේශයේ එකම පාසල ලෙසත් තමන් අකුරු කල පාසල සංවර්ධනය කිරීමේ එකම අරමුණින් වෙහෙස මහන්සි වන මා අප පාසලෙන් අකුරක් හෝ උගත් ආදි ශිෂ්‍යයෙකු වෙතොත් ඔහුට දැත දිගු කරන්නේ අප හා එක්ව පාසල ඉහලින් ඔසවා තැබීමට එක්වන ලෙසයි.

 

Upali hewapathirana

 

 

 

 

 

 

ස්තූතියි’

විදුහල්පති උපාලි හේවාපතිරණ